රට පැන්න, මහ බැංකුවේ මහේන්ද්‍රන් ගැන හෙළිදරව්වක්

රට පැන්න, මහ බැංකුවේ මහේන්ද්‍රන් ගැන Interpol හෙළිදරව්ව

by Sagarika Chathumali 24-05-2018 | 3:48 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පුරුවේ රැඳී සිටින බවට ජාත්‍යන්තර පොලීසිය තහවුරු කර තිබේ.

අද නීතිපති දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ජාත්‍යන්තර පොලීසියේ සිංගප්පුරු ශාඛාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දී ඇති බවයි. මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී අධිකරණයේදී මේ බව අනාවරණ විය. හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මේ වනවිට ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන ද නිකුත් කර තිබේ. මේ අතර මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් හා ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන අද අධිකරණයට ඉදිරිපත් කෙරිණ. එහිදී කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේ, ඔවුන් ලබන 07 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. https://www.youtube.com/watch?v=r3aUHi1VeFw