ඒ.බී ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඒ.බී. ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

by Sagarika Chathumali 23-05-2018 | 5:23 PM

දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් නායක ඒ.බී. ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

34 හැවිරිදි ඩිවිලියස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 114ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු ක්‍රීඩා කර ඇති එක්දින තරග සංඛ්‍යාව 228කි. මේ අතර ඔහු ජාත්‍යන්තර පන්දුවාර 20/20 තරග 78ක ද ක්‍රීඩා කර තිබේ. ඔහු සිය සමු ගැනීමේ තීරණය නිවේදනය කර ඇත්තේ, ක්‍රීඩාලෝලීන් වෙත වීඩියෝවක් නිකුත් කරමිනි. සිය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම ගැන මහත් භාග්‍යක් මෙන්ම ආඩම්බරයට කරුණක් බව සඳහන් කරන ඩිවිලියස් ඒ සඳහා අධාර උපකාර කළ සියලු දෙනාට ස්තුතිය පළ කර ඇත. ඒසේ ම තමාට ආදරය කළ ක්‍රීඩා ලෝලීන්ට ද ඩිවිලියස් සිය හෘදයාගම ස්තුතිය පළ කර තිබේ.   https://www.facebook.com/ABdeVilliers17/videos/1699389826763100/