සිරස - ශක්ති සහන යාත්‍රාවට අද ත් නන්දෙසින් ආධාර

සිරස - ශක්ති සහන යාත්‍රාවට අද ත් නන්දෙසින් ආධාර

by Hashini De Mel 23-05-2018 | 9:48 PM

COLOMBO (News 1st) - පවතින කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා සිරස - ශක්ති සහන යාත්‍රාවට අද ත් ජනතාව ආධාර රැගෙන පැමිණයහ.

මෙලෙස ලැබෙන ද්‍රව්‍යාධාරවලින් කොටසක් හෙට උදෑසන විපතට පත් ජනතාව වෙත රැගෙනයාමට නියමිත වේ. සිරස - ශක්ති සහන යාත්‍රාව වෙනුවෙන් භාණ්ඩ එක්රැස් කිරීම ආරම්භ වූයේ, පසුගිය 21 වන දා රාත්‍රි සිටයි. සහන යාත්‍රාව වෙනුවෙන් භාණ්ඩ එක්රැස් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 3 කදී සිදු කෙරිණි. එක් මධ්‍යස්ථානයක් වෙන්කර ඇත්තේ, කොළඹ 02 බ්‍රේබෲක් පෙදෙසේ පිහිටි සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධාන ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේයී. මේ අතර රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණ පරිශ්‍රයේ ද සිරස - ශක්ති සහන යාත්‍රාවට ද්‍රව්‍යාධාර එක් රැස්කිරීමේ කටයුතු සිදු කෙරිණි. අද උදෑසන සිට විවිධ ප්‍රදේශවලින් සහෘද ජනතාව දෙපානම මැදිරි සංකීර්ණය වෙත පැමිණියේ ද සහන යාත්‍රාව වෙනුවෙන් ආධාර ලබාදීමේ අපේක්ෂාවෙනි. සහල්, පරිප්පු, සීනී, නුඩ්ල්ස්, ටින් මාළු, බිස්කට්, වතුර බෝතල්, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඔබටත් අපගේ ආධාර රැස්කරන මධ්‍යස්ථාන වෙත පරිත්‍යාගය කළ හැකියි. හෙට උදෑසන වන තෙක් කොළඹ 02 බ්‍රේබෘෘක් පෙදෙසේ සිරස මූලස්ථාන පරිශ්‍රය, දෙපානම සිරස මැදිරි සංකීර්ණය, රත්මලාන ස්ටයින් මැදිරි සංකිර්ණය යන ස්ථානයන්හි පිහිටා තිබෙන සහන යාත්‍රාවේ ආධාර එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත පරිත්‍යාගය කිරීමට ඔබට හැකියාව පවති. වැඩිදුර තොරතුරු සඳහා 0114 896 896 දුරකතන අංකය ඔබ වෙනුවෙන් විවෘත වේ.