විභාග කල් යයි

විභාග කල් යයි

by Hashini De Mel 23-05-2018 | 6:32 PM

COLOMBO (News 1st) - අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විභාග කිහිපයක් කල් දමා තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් එම විභාග වන්නේ, 1. ශ්‍රී ලංකා මහ බැංකුවේ පුහුණු ආරක්ෂක නිලධාරී තනතුරට බඳවා ගැනීමේ තරග විභාගය. 2. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තුන්වන ශ්‍රේණියේ ගොවිපල කළමනාකරු, ව්‍යාප්ති නිලධාරී හා තාක්ෂණික නිලධාරී තනතුරු සඳහා බදවා ගැනීමේ විවෘත තරග විභාගය. 3. ශ්‍රී ලංකා මහ බැංකුවට කළමනාකරණ අභ්‍යසලාභීන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගය. 4. හින්දු ධර්මාචාරය සහතික පත්‍ර තරග විභාගය. 5. පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තනේතුවේ පරිවාස නිලධාරී තනතුර සඳහා බදවා ගැනීමේ විවෘත තරග විභාගය. 6. ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික නොවන පන්තියේ සේවා නියුත්තිකයන් සඳහා මාණ්ඩලික පන්තියේ පළමු වන ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන සීමිත තරග විභාගය. 7. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහාකර පර්යේෂණ තරග විභාගය බඳවා ගැනීමේ තරග විභාගය. 8. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂොපෙකාර සමාගමේ විභාගය. මෙම විභාග නැවත පැවැත්වෙන දින ඉදිරියේදී දැනුම් දෙන බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.