මාලදිවයින් ජාතිකයා කටුනායකදී කුඩු සමග කොටු

මාලදිවයින් ජාතිකයා කටුනායකදී කුඩු සමග කොටු

by Sagarika Chathumali 23-05-2018 | 9:37 PM

COLOMBO (News 1st)  : හෙරොයින් කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 390 ක් සමග මාලදිවයින් ජාතිකයෙකු කාටුනායනක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ සැකකරු මෙම හෙරොයින් තොගය මෙරටින් රැගෙන යාමට තැත් කිරීමේදීයි. එහි වටිනාකම රුපියල් මිලියන 24 කට අධික වන අතර වැඩි ම හෙරොයින් ප්‍රමාණයක් මෙරටින් පිටතට ගෙන යාමේදී අත්අඩංගුවට ගත් සැකකරු මොහු බව පොලීසිය සඳහන් කළේ ය.