එළවළු මිල ගණන් ඉහළට

එළවළු මිල ගණන් ඉහළට

by Staff writer 23-05-2018 | 10:46 AM
COLOMBO (News 1st) - වර්ෂාවත් සමග එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඒ අනුව ඊයේ දිනයේ මැනින් වෙළෙඳපොළේ එළවළු මිල 30%කින් පමණ ඉහළ ගිය බව මැනින් වෙළෙඳපොළ වෙළද සංගමයේ ලේකම් ගාමිණි හඳුන්ගේ මහතා පවසයි. උඩරට එළවළු මිල ගණන් ද 50% කින් පමණ ඉහළ ගොස් ඇති අතර දඹුල්ල විශේෂ ආර්ථික ම්‍යස්ථානයේ ද එළවළු මිල ගණන් 30%කින් පමණ ඉහළ ගොස් තිබේ.