English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
23 May, 2018 | 6:32 pm
කිසිදු හෝඩුවාවක් නොමැති තැන සෝදිසි මෙහෙයුම් නතර කර දැමූ MH370 යානය පිළිබඳව යළි කතාබහක් නිර්මාණය වී ඇත්තේ, එහි ගුවන් නියමුවා යානය හිතාමතාම අනතුරට ලක් කර ඇති බවට යළි වාර්තා පළ වීම හේතුවෙනි.
යානය අතුරුදන් වීම පිටුපස ගුවන් නියමුවා සිටින බවට අනතුර සිදු වූ මුල් දිනවල විවිධ මත පළ වුව ද එකී මත සනාථ කිරීමට හැකි කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොවිණ.
කෙසේ වෙතත් ගුවන් අනතුරු පිළිබඳ කැනේඩියානු හිටපු විමර්ශක ලැරි වැන්ස් විසින් රචිත නවතම කෘතියක සටහන් ව ඇත්තේ, අනතුර සිදුවන අවස්ථාවේ යානය ගුවන් නියමුවාගේ පාලනය යටතේ තිබී ඇති බවයි.
මේ අතර පසුගිය දිනක Australia’s 60 Minutes වැඩසටහනට එක්වෙමින් වැන්ස් වැඩිදුරත් පවසා තිබුණේ, ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශය විමර්ශන අනුව යානය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔවුන් එළැඹ ඇති නිගමන නිවැරදි නොවන බවයි.
ඔහු සිතා මතා අනතුර සිදු කළ බව ත් අවාසනාවකට මෙන් ඔහු යානයේ සිටි සියලු දෙනගේ ද ජීවන ගමන් අවසානය කරා ගෙන ගිය බවත් ඔහු එම වැඩසටහනේදී පවසා ඇත.
කේසේ වෙතත් ඔස්ට්‍රේලියානු විමර්ශකයින් පවසන්නේ, MH370 යානයේ නියමුවා හිතාමතාම යානය අනතුරට පත් කරන්නට ඇති බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.
ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ අධිකාරිය අවධාරණය කර සිටින්නේ, අවසන් මිනිත්තු කිහිපයේදී ත් ගුවන් නියමුවා නිසි ලෙස යානය හසුරුවා ඇති බවයි.
MH 370 මැලේසියානු ගුවන් යානය 2014 වසරේ මාර්තු 14 වන දා මගීන් 239ක් සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබියදී අතුරුදන්විය.
ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශයේ සෝදිසි මෙහෙයුම් අධ්යක්ෂ පීටර් ෆෝලි පවසා ඇත්තේ, සිය විමර්ශකයින්ගේ අවසන් නිගමනයන් සහතික කළ හැකි ඒවා බවයි.
කෙසේ වෙතත් යානයේ බවට සැක කෙරෙන සුන්බුන් කොටස් ඉන්දියන් සාගරයේ අතැම් දිවයින් අවට මුහුදු තීරවලට මෙන් ම අප්‍රිකානු වෙරළ තීරවලින් හමු වුව ද ඒවා එම යානයේ ම ද යන්න සනාථ නොවිණ.
මේ අතර ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ, යානය සෙවීමේ මෙහෙයුම් යළි ආරම්භ කරන්නේ, විශ්වාසය පළ කළ හැකි නව සාධකයක් හමු වුවහොත් පමණක් බවයි.
මැලේසියාව, චීනය ඇතුළු රටවල් රැසක් එක්ව යානය අතුරුදන් වූ බවට වාර්තා වූ අවස්ථාවේ සිට දින 1046 ක් පුරාවට මහ මුහුදු සිසාරා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ ක්‍රියාත්මක කළ අතර යානය බවට විශ්වාස කළ හැකි කිසිදු හෝඩුවාවක් හෝ සොයා ගැනීමට නොහැකි වූ තැන පසුගිය ජනවාරි මාසයේ සෝදිසි මෙහෙයුම් අතහැර දැමිණ.
2014 මාර්තු 14 වන දා අතුරුදන් වූ H370 යානය සොයා කළ මෙහෙයුම ලෝක ගුවන් ඉතිහාසයේ ගුවන් යානයක් සොයා කළ දැවැන්තම මෙහෙයුම ලෙස මේ වනවිට ඉතිහාස ගතව ඇත.
කෙසේ වෙතත් යානය සිදුවූයේ කුමක් ද? එය නිසැකවම කඩා වැටුණේ, කුමන ස්ථානයකට ද? යන්න තවමත් අභිරහසක් බවට පත් වන්නේ, සාගර පතුලෙන් කිසිදු හෝඩුවාවක් හමු නොවූ නිසාවෙනි.
මේ අතර අමෙරිකාවේ පෞද්ගලික සමාගමක් තවත් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබුණ ද මේ වන තෙක් කිසිිදු හෝඩුවාවක් හෝ හමුවී නොමැත.
09 Jan, 2022 | 11:56 AM
01 Aug, 2021 | 10:49 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS