වැසි සහිත කාලගුණය තව දුරටත්

වැසි සහිත කාලගුණය තව දුරටත්

by Hashini De Mel 22-05-2018 | 4:59 PM

COLOMBO (News 1st) - ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි සහ අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40 - 45 ත් අතර හමන තද සුළං ද ඇති විය හැකි බවයි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී ඇත. මේ අතර නාය යෑමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් කොත්මලේ මහවෙළ බටහිර තම්මිටගම ප්‍රදේශයේ පවුල් 19 ක පුද්ගලයින් 48 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබේ.