බියගම ජලයෙන් යටවී අධිවේගයේ ගමන්වලටත් බාධා

බියගම ජලයෙන් යටවී අධිවේගයේ ගමන්වලටත් බාධා

by Sagarika Chathumali 22-05-2018 | 11:23 AM

COLOMBO (News 1st)  : බියගම ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් කොළඹ පිටත වටරවුම් අධිවේගි මාර්ගයේ කඩවත දෙසට ගමන් කිරීමේදී කඩුවෙල පිටවීමේ දොරටුව ආශ්‍රිතව අවහිරතාවක් ඇතැයි, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කළේ, කඩුවෙල දෙසට රථවාහන ධාවනය මේ වන විට අඩාලවී ඇති බවයි. කඩුවෙල පිවිසුමේ සිට කඩවත දෙසට රථ වාහන ඇතුළු කිරිමේ අවහිරතාවක් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය. කෙසේ වෙතත් අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දෙසට රථවාහන ධාවනයේදී කිසිදු අවහිරතාවක් නොමැත.