පුද්ගලයින් 37 කට තුවාල සිදු කළ කහවත්තේ රිය අනතුර

පුද්ගලයින් 37 දෙනෙකුට තුවාල සිදු කළ කහවත්තේ රිය අනතුර

by Hashini De Mel 22-05-2018 | 5:37 PM

COLOMBO (News 1st) - කහවත්තේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද දහවල් පෞද්ගලික බස් රථ 2 ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි. ඇඹිලිපිටියේ සිට කෑගල්ල බලා ධාවනය වූ බස් රථයක් සහ කහවත්තේ සිට මාකදුර බලා ධාවනය වූ බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇත. අප වාර්තාකරු පැවසුවේ, අනතුරින් කාන්තාවන් 21 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. තුවාල ලැබූ තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද පොලීසිය සඳහන් කළේ ය. තුවාල ලැබූවන් මේවන විට කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබති.