සිරස - ශක්ති සහන යාත්‍රාවට නන්දෙසින් ආධාර

පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට ඇරඹි සිරස - ශක්ති සහන යාත්‍රාව

by Hashini De Mel 22-05-2018 | 8:50 PM

COLOMBO (News 1st) - පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන සැලසීම සඳහා සිරස - ශක්ති සහන යාත්‍රාවට ඊයේ රාත්‍රියේ සිට ජනතාව ආධාර රැගෙන එති.

සහන යාත්ත්‍රාව වෙනුවෙන් භාණ්ඩ රැස්කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 3 කදී සිදුවනු ඇත. ඒ සඳහා වන එක් මධ්‍යස්ථානයක් ඉඳිකර ඇත්තේ, කොළඹ 2 බ්‍රේබෘෘක් පෙදෙසේ පිහිටි සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේයි. මේ අතර සිරස - ශක්ති සහන යාත්‍රාව වෙනුවෙන් ද්‍රව්‍යාධාර එක් රැස් කිරීම රත්මලාන ස්ටයන් මැදිරි සංකීර්ණයේදී සිදුකෙරෙන අතර අද උදෑසන සිට විශාල පිරිසක් ද්‍රව්‍ය ආධාර ද රැගෙන එහි පැමිණියහ. දෙපානම මැදිරි සංකීර්ණයේදී ද සිරස - ශක්ති සහන යාත්‍රාව වෙනුවෙන් මහජන ආධාර එක්රැස් කෙරේ. මැලිබන් බිස්කට් පුද්ගලික සමාගම ද සිරස - ශක්ති සහන යාත්‍රාව වෙනුවෙන් අද බිස්කට් ඇතුළු ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කළේ ය. රත්මලාන පිහිටි එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී මෙම ප්‍රධානය සිදු කෙරුණු අතර ඒ සඳහා මැලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය, සමූහ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන මහතා ඇතුළු නිලධාරීන් එක් ව සිටියහ. නිව්ස්ෆස්ට් නියෝජනය කරමින් නිව්ස්ෆස්ට් නාළිකා ප්‍රධානී සුරංග සේනානායක, TV1 නාළිකා ප්‍රධානි රිනාස් මොහොමඩ් යන මහත්වරු ඇතළු පිරිස එක් විය. ජනතා ඉල්ලීම් සලකා බලමින් නිව්ස්ෆස්ට් කණ්ඩායමක් ප්‍රධාන මධ්‍යස්ථාන 3 කට අමතරව තව ත් ස්ථාන කිහිපයකදී ද ආධාර එක්රැස් කිරීමට පියවර ගත්තේ ය. සහල්, පරිප්පු, සීනි, නුල්ඩ්ස්, ටින්මාළු, බිස්කට්, වතුර බොතල්, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඔබටත් සිරස - ශක්ති සහන යාත්‍රාවට පරිත්‍යාග කළ හැකියි. වැඩිදුර තොරතුරු සඳහා 011 4 896 896 දුරකතන අංකය විවෘත පවති.