කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය ඇණ හිටි

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය ඇණ හිටි

by Hashini De Mel 22-05-2018 | 6:28 PM

COLOMBO (News 1st) - කොට්ටාවේදී දුම්රියක් පීලි පැනීමෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය ඇණ හිට තිබේ.

අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් දුම්රිය ධාවනය මහරගම දක්වා සීමා කර ඇති බවයි. අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව තිබේ. දුම්රියේ මැදිරි තුනක් පීලි පැනීමට ලක්ව ඇති අතර මැදිරි පීලිගත කිරීමට කණ්ඩායම් යොමු කර ඇති බව විජය සමරසිංහ මහතා පැවසුවේ ය.