උඩුනුවර ප්‍රාදේශීය සභාව නොසන්සුන් වෙයි

උඩුනුවර ප්‍රාදේශීය සභාව නොසන්සුන් වෙයි

by Hashini De Mel 22-05-2018 | 5:13 PM

COLOMBO (News 1st) - උඩුනුවර ප්‍රාදේශීය සභාවේ දෙවන සැසිවාරය අද පැවති අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඒ, පසුගිය සභාවේ වාර්තාව පිළිගත නොහැකි බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කිරීමත් සමගිනි. එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශිය සභාවේ පළමු සැසිය ද අවසන් වූයේ මන්ත්‍රීවරුන්ගේ නොසන්සුන්කාරි හැසිරිම් මධ්‍යයේයි. අද සභාවට පසුගිය සභාවේ වාර්තාව ඉදිරිපත් කිරීමත් සමග එය පිළිගත නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සිය විරෝධය පළ කළේ ය. සභාව තුළ මෙලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් තේ විවේකයේදී යළි ත් සියලු දෙනා එක් ව තේ පැන් සංග්‍රහයකට ද එක්වී ඇත.