ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මරුට

ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මරුට

by Hashini De Mel 22-05-2018 | 10:08 PM

COLOMBO (News 1st) - අධික වර්ෂාවත් සමග ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇත.

පවතින ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් දිස්ත්‍රික් 14 ක 68,000 කට අධික පිරිසක් බලපෑමට ලක්ව තිබේ. අවතැන් වූ 24,000 කට අධික පිරිසක් කඳවුරු 168 ක රඳවා ඇතිබව ද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය. පසුගිය 16 වන දා සිට ඇති වූ අකුණු සැර වැදීම්වලින් මේ වන විට පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇත. පුද්ගලයින් දෙදෙනෙක් දියේ ගිලිමෙනුත් තව ත් අයෙකු පස් කන්දක් කඩා වැටීමෙනුත් මිය ගොස් ඇති බව සඳහන් වේ. ගස් කඩාවැටීමෙන් දෙදෙනෙකු මිය ගොස් ඇත. නාවලපිටිය ප්‍රදේශයේ කඳවුරු 06 ක මෙලෙස අපදාවට පත් ජනතාව රඳවා ඇත. නුවරඑළිය, රම්බොඩ ප්‍රදේශයේ තාවකාලික කඳවුරු 02 ක පවුල් 163 ක් රඳවා සිටින බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය. අවතැන් වූ පවුල් 10 කට අයත් 39 දෙනෙක් මොල්කාව කණිෂ්ට විද්‍යාලයේ රඳවා ඇත. රත්නපුර බොඩිගමු මුස්ලිම් පල්ලියේ පවුල් 40 ක් රඳවා ඇති අතර බටුගෙදර විද‍්‍යාලයේ තව ත් පවුල් 05 කට අයත් පුද්ගලයින් 25 දෙනෙකු රඳවා සිටි.