පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට ඇරඹි සිරස – ශක්ති සහන යාත්‍රාව

පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට ඇරඹි සිරස – ශක්ති සහන යාත්‍රාව

පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට ඇරඹි සිරස – ශක්ති සහන යාත්‍රාව

කර්තෘ Hashini De Mel

22 May, 2018 | 8:50 pm

COLOMBO (News 1st) – පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන සැලසීම සඳහා සිරස – ශක්ති සහන යාත්‍රාවට ඊයේ රාත්‍රියේ සිට ජනතාව ආධාර රැගෙන එති.

සහන යාත්ත්‍රාව වෙනුවෙන් භාණ්ඩ රැස්කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 3 කදී සිදුවනු ඇත.

ඒ සඳහා වන එක් මධ්‍යස්ථානයක් ඉඳිකර ඇත්තේ, කොළඹ 2 බ්‍රේබෘෘක් පෙදෙසේ පිහිටි සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේයි.

මේ අතර සිරස – ශක්ති සහන යාත්‍රාව වෙනුවෙන් ද්‍රව්‍යාධාර එක් රැස් කිරීම රත්මලාන ස්ටයන් මැදිරි සංකීර්ණයේදී සිදුකෙරෙන අතර අද උදෑසන සිට විශාල පිරිසක් ද්‍රව්‍ය ආධාර ද රැගෙන එහි පැමිණියහ.

දෙපානම මැදිරි සංකීර්ණයේදී ද සිරස – ශක්ති සහන යාත්‍රාව වෙනුවෙන් මහජන ආධාර එක්රැස් කෙරේ.

මැලිබන් බිස්කට් පුද්ගලික සමාගම ද සිරස – ශක්ති සහන යාත්‍රාව වෙනුවෙන් අද බිස්කට් ඇතුළු ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කළේ ය.

රත්මලාන පිහිටි එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී මෙම ප්‍රධානය සිදු කෙරුණු අතර ඒ සඳහා මැලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය, සමූහ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන මහතා ඇතුළු නිලධාරීන් එක් ව සිටියහ.

නිව්ස්ෆස්ට් නියෝජනය කරමින් නිව්ස්ෆස්ට් නාළිකා ප්‍රධානී සුරංග සේනානායක, TV1 නාළිකා ප්‍රධානි රිනාස් මොහොමඩ් යන මහත්වරු ඇතළු පිරිස එක් විය.

ජනතා ඉල්ලීම් සලකා බලමින් නිව්ස්ෆස්ට් කණ්ඩායමක් ප්‍රධාන මධ්‍යස්ථාන 3 කට අමතරව තව ත් ස්ථාන කිහිපයකදී ද ආධාර එක්රැස් කිරීමට පියවර ගත්තේ ය.

සහල්, පරිප්පු, සීනි, නුල්ඩ්ස්, ටින්මාළු, බිස්කට්, වතුර බොතල්, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඔබටත් සිරස – ශක්ති සහන යාත්‍රාවට පරිත්‍යාග කළ හැකියි.

වැඩිදුර තොරතුරු සඳහා 011 4 896 896 දුරකතන අංකය විවෘත පවති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]