සබරගමුවේ පාසල් කිහිපයකට අද, හෙට නිවාඩු

සබරගමුවේ පාසල් කිහිපයකට අද, හෙට නිවාඩු

by Sagarika Chathumali 21-05-2018 | 12:35 PM
COLOMBO (News 1st)  : සබරගමුව පළාතේ රත්නපුර නිවිතිගල සහ දෙහිඕවිට අධ්‍යාපන කලාප තුළ පිහිටා ඇති සියලු පාසල් සඳහා නිවාඩු ලබා දීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් .වීරසුරිය මහතා පැවසුවේ, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද සහ හෙට පාසල් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කළ බවයි. අධික වර්ෂාව තවදුරටත් පැවතිය හොත් අවශ්‍යතාව මත පාසල් දරුවන් සඳහා නිවාඩු ලබා දීමට විදුහල්පතිවරුන්ට බලය පවරා ඇති බව ද මහින්ද එස් .වීරසුරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.