මාඔයේ ජලය මහ ගංවතුර මට්ටමකට

මාඔයේ ජලය මහ ගංවතුර මට්ටමකට

by Hashini De Mel 21-05-2018 | 6:32 PM

COLOMBO (News 1st) - Update - අලව්ව - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අලව්ව ප්‍රදේශයෙන් මාඔය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක් තාවකාලිකව වසා දමා තිබේ.

පොලීසිය සඳහන් කළේ, අලව්වේ සිට කිලෝමීටරයක් පමණ කුරුණෑගල දෙසට වන්නට දුරින් ප්‍රධාන මාර්ගය ඉරිතලා ඇති බවයි. ඒ හේතුවෙන් අලව්වේ සිට කුරුණෑගල දෙසට ධාවනය කරන රථවාහන එක් මන්තීරුවකින් පමණක් ධාවනය කිරීමට සලසා ඇති බව පොලීසිය සඳහන් කළේ ය. ආරක්ෂාකාරීව රිය පැදවන්නැයි පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටි. -----------------------------------------------------------------------------------------------------------------------------------------

අධික වර්ෂාවත් සමග ගිරිඋල්ල ප්‍රදේශයෙන් මාඔයේ ජල මට්ටම මහ ගංවතුර මට්ටම දක්වා වර්ධනය වී ඇතැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය සඳහන් කළේ, කළු ගඟ ද රත්නපුර නගරයේ සිට කළුතර දක්වා අවදානම් තත්ත්වයක ඇති බවයි. කැලණි ගඟ හංවැල්ල ප්‍රදේශයෙන් පිටරා ගැලීමේ තත්ත්වයක් උද්ගතව ඇති බව ද ඇය සඳහන් කළා ය. එබැවින් එම ගංඟා දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව ඉවත් කරන ලෙසට පොලීසියට උපදෙස් ලබා දී ඇති බව ද ඇය වැඩිදුරත් සඳහන් කර තිබේ.