පොහොර ත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යක් වෙයි

පොහොර ත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යක් වෙයි

by Sagarika Chathumali 21-05-2018 | 11:36 AM

COLOMBO (News 1st) : පොහොර අත්‍යවශ්‍ය ද්‍රව්‍යක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර කියයි.

අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදී අමරවීර මහතා පැවසුවේ, ඊට අදාළ ලිපිය පාරි‍භෝගික අධිකාරියට යවා ඇති බවයි. පොහොර අත්‍යවශ්‍ය ද්‍රව්‍යක් ලෙස නම් කිරීමට අදාළ ලිපිය පසුගිය සිකුරාදා තම ලේකම්වරයා විසින් පාරි‍භෝගික කටයුතු අධිකාරිය වෙත යොමු කරනු ලැබූ බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය. ඉදිරියේදී වී වගාව හැර සෙසු ‍භෝග සඳහා යොදා ගන්නා පොහොර රුපියල් 1500 ක උපරිම සිල්ලර මිලකට යටත්ව රජයේ පොහොර ගබඩා හරහා නිකුත් කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇති බව ද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී පවසා තිබේ. මේ අතර කෘෂි රක්ෂණය සඳහා අය කරන රුපියල් 1350 ක වාර්ෂික වාරිකය ගොවීන්ගෙන් අය නොකර රජය විසින් දැරිමට පියවර ගෙන ඇති බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.