පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 7ක් විවෘත කෙරේ

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 7ක් විවෘත කෙරේ

by Hashini De Mel 21-05-2018 | 4:42 PM

COLOMBO (News 1st) - අධික වැසි සමග මහනුවර, පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 7ක් විවෘත කර තිබේ.

මහවැලි අධිකාරියේ පොල්ගොල්ල ජලාශයේ කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, ඉන් තත්පරයට ඝන අඩි 23,200 පමණ ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදා හරින බවයි. මහවැලි ගඟ භාවිතයේදී විමසිලිමත් වන්නැයි ද ජනතාවට දැනුම්දී ඇත.