ප්‍රදේශ රැසකින් විදුලි බිඳවැටීම්

ප්‍රදේශ රැසකින් විදුලි බිඳවැටීම්

by Sagarika Chathumali 21-05-2018 | 6:27 AM

COLOMBO (News 1st)  : පවතන අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම අඩාලවී තිබේ.

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, අගලවත්ත, මතුගම, හොරණ වැනි ප්‍රදේශ ඇතුළු ප්‍රදේශවලින් විදුලිය බිඳ වැටීම් වාර්තාවී ඇති බවයි. වර්ෂාවත් සමග රැහැන් මාර්ග කඩා වැටී ඇති බැවින් ඒවා ස්පර්ශ කිරිමට යාමෙන් වළකින ලෙස ඔහු ජනතාවට දැනුම් දෙයි. මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එවැනි අවස්ථාවලදී 1987 දුරකතන අංකයට කඩිනමින් දැනුම් දෙන ලෙසයි. අකුරුට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වුව ද ආපදා අවස්ථාවකදී නඩත්තු කටයුතු සඳහා එක්වන බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍යකුමාර වඩුගේ මහතා පැවසී ය.