ජනතාවගේ පහර කෑ තෙසාලෝනිකිහි නගරාධිපති රෝහලට

ජනතාවගේ පහර කෑ තෙසාලෝනිකිහි නගරාධිපති රෝහලට

by Hashini De Mel 21-05-2018 | 5:02 PM

COLOMBO (News 1st) - ග්‍රීසියේ දෙවන විශාලතම නගරය ලෙස සැලකෙන තෙසාලෝනිකිහි නගරාධිපති යානිස් බුටාරිස්, පුද්ගලයින් පිරිසකගේ පහර කෑමකට ලක්වීමෙන් රෝහල්ගත කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පළමු ලෝක යුධ සමයේ තුර්කි ජාතිකයන් අතින් ඝාතනයට ලක් වූ ග්‍රීක ජාතිකයන් වෙනුවෙන් පැවති සැමරුමකට 75 හැවිරිදි නගරාධිපතිවරයා සහභාගී වූ අවස්ථාවේදී හිසට, පිටට සහ පාදවලට පුද්ගලයන් විසින් බෝතල්වලින් පහර දී ඇති බවයි. මෙම ප්‍රහාරය ග්‍රීක දේශපාලඥයින් තරයේ හෙළා දැක තිබෙන අතර සිදුවීම සම්බන්ධයෙන් එරට පොලීසිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.