ගංඟා 6 ක ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට

ගංඟා 6 ක ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට : පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි

by Sagarika Chathumali 21-05-2018 | 9:28 AM

COLOMBO (News 1st) : අධික වර්ෂාවත් සමග ගංඟා 6 ක ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ගතවූ පැය කිහිපය තුළ රත්නපුර ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ලැබී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, රත්නපුරට මිලිමිටර් 168.8 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උඳුගොඩ ප්‍රදේශයට මිලිමීටර් 130 ක් හා කාසල්රි ප්‍රදේශයට මිලිමීටර් 101 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. මේ අතර ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව පළාත්වලට හා ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ගිඟුරුම් සහිත වැසි ඇති වන විට දිවයින වටා මුහුදේ සුළංග පැයට කිලෝමීටර් 70 හෝ 80 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. අධික වර්ෂාවත් සමග ජාතික ගොඩනැගිලි සංවිධානය දිස්ත්‍රික්ක් 4 ක් සඳහා නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ ඒකකය ජනතාවට අනතුරු අඟවන්නේ, ගත වූ පැය 24 ක කාලය තුළ දිස්ත්‍රික්ක 5කට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ලැබී ඇති බැවින් හා තවදුරටත් වැසි අදහැළෙමින් පවතීනම් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසයි. අධික වැසි සමග ලක්ෂපාන හා කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ. බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් සිසිර හේනාධීර මහතා පැවසුවේ, කුකලේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් නිකුත් කර ඇති අතර කළු ගඟ පහළ ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි. ලක්ෂපාන ජලාශයේ ද වාං දොරටු දෙකක් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් පහත් බිම් වල ජනතාව විමසිලිමත් විය යුතු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ය. මේ අතර ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම, නෙළුව, තවලම, උඩුගම සහ මාපලගම යන ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවී තිබේ. අප වාර්තාකරුවන් සඳහන් කළේ, ප්‍රධාන මාර්ග රැසක් හා අතුරු මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා මතුව ඇති බවයි. අධික වර්ෂාවත් සමග ගංඟා 6 ක ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ඉදිරි පැය 24 තුල බස්නාහිර, සබරගමුව පළාත්වලට හා ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ඉක්මවු වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට දිවයින වටා මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 හෝ 80 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. අධික වර්ෂාවත් සමග ජාතික ගොඩනැගිලි සංවිධානය දිස්ත්‍රික්ක් 4 ක් සඳහා නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එහි නායයාම් අධ්‍ය්‍යන හා අවදානම් කළමනාකරණ ඒකකය ජනතාවට අනතුරු අඟවන්නේ, ගත වූ පැය 24 ක කාලය තුළ දිස්ත්‍රික්ක 5කට මිලිමීටර් 150 ඉක්ම ව තද වැසි ලැබී ඇති බැවින් හා තවදුරටත් වැසි අදහැළෙමින් පවතී නම් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසයි. අධික වැසි සමඟ ලක්ෂපාන හා කුකුළේ ගග ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ. බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් සිසිර හේනාධීර මහතා පැවසුවේ, කුකලේ ගග ජලාශයේ වාන් දොරටු දෙකක් නිකුත් කර ඇති අතර කළු ගග පහල ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි. ලක්ෂපාන ජලාශයේ ද වාං දොරටු දෙකක් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් පහත් බිම්වල ජනතාව විමසිලිමත් විය යුතු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ය. මේ අතර ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම, නෙළුව, තවලම, උඩුගම සහ මාපලගම යන ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවී තිබේ. මේ අතර අප වාර්තාකරුවන් සඳහන් කළේ, ප්‍රධාන මාර්ග රැසක් හා අතුරු මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා මතුව ඇති බවයි. පවතින අධික වර්ෂාව තත්ත්වය හමුවේ ප්‍රදේශ රැසකට ජන ජීවිත අඩාලවී තිබේ. පවතින අධික වර්ෂාවත් සමග ඔහිය සහ ඉඳල්ගස්හින්න අතරට පස්කන්දක් කඩා වැටී තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, අදාළ තත්ත්වය හමුවේ එම මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බවයි. පවතින අධික වැසි සහිත කාලගුණයක් සමඟ පීඩාවට පත් වු ජනතාවට සහන සැලසීම සඳහා හමුදා සාමාජිකයින් 500 කට ආසන්න පිරිසක් සිරුවෙන් තබා ආරක්ෂක අංශ පවසයි. හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසුවේ පාලින්ද නුවරට දැනටමත් කණ්ඩායමක් යොමුකර ඇති බවයි.