කළු ගඟේ ජලය මහ ගංවතුර මට්ටමකට

කළු ගඟේ ජලය මහ ගංවතුර මට්ටමකට

by Hashini De Mel 21-05-2018 | 4:23 PM

COLOMBO (News 1st) - අධික වැසි සමග කළු ගඟේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටම ඉක්මවා මහ ගංවතුර මට්ටමක් දක්වා ඉහළ යමින් තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දැනට මහ ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති මිල්ලකන්ද ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාමක් අපේක්ෂා කරන බවයි. ඒ අනුව කළුතර, දොඩංගොඩ, මිල්ලනිය, මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, පාලින්දනුවර, කිරිඇල්ල, කුරුවිට, ඇලපාත සහ රත්නපුර ප්‍රදේශවල ජනතාව හදිසි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීම සඳහා දැඩි විමසිල්ලෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.