ඉපලෝගමට වන අලි කඩාවදී

ඉපලෝගමට වන අලි කඩාවදී

by Sagarika Chathumali 21-05-2018 | 11:14 AM
අනුරාධපුර, ඉපලෝගම පූගොල්ලාගම ගම්මානයට වන අලි දෙදෙනෙක් කඩා වැදීම නිසා ගම්වාසීන් තම නිවාසවලින් ඉවත් වී තිබේ. වන අලි දෙදෙනා ගම්මානට ඇතුළු වීම පිළිබඳව ගම්වාසීන් ගනේවල්පොළ වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබිණ. අනතුරුව වනජීවී නිලධාරීන් පැමිණිය ද වන අලින් එළවා දැමීමට හැකියාවක් නොලැබිණ. පසුව රිටිගල වනජීවී නිලධාරීනුත් ඉපලෝගම පොලීසියේ පිරිසකුත් පැමිණ වන අලි එළවා දැමීම උත්සහ කළ ද ඊයේ රාත්‍රිය වන තුරුත් අලි දෙදෙනා පළවා හැරීමට නොහැකිවිය. https://www.facebook.com/NewsfirstSL/videos/1954621977931384/