අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 6 ක් ජීවිතක්ෂයට

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 6 ක් ජීවිතක්ෂයට

by Hashini De Mel 21-05-2018 | 4:11 PM

COLOMBO (News 1st) -  Update - අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 06 දක්වා ඉහළ ගොස් තිබේ.

අවතැන් වූ පුද්ගලයින් 1000 කට අධික සංඛාවක් ආරක්ෂිත ස්ථන 30 ක රඳවා ඇති අතර පුද්ගලයින් 20,000 කට ආසන්න පිරිසකට පීඩාවට පත් ව ඇත.
අධික වැසි සමග සිදු වූ ආපදාවන් හේතුවෙන් සතියක කාලයකදී පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තිබේ. ඉන් මරණ 3 ක් අකුණු අනතුරු හේතුවෙන් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අතර අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12 ක පවුල් 3438 ක පුද්ගලයින් 13314 දෙනෙකු පීඩාවට පත් ව ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි. එම පිරිස 7742 ක් වනු ඇති.