"විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන්න"

"අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන්න" - ජනපතිගෙන් උපදෙස්

by Hashini De Mel 21-05-2018 | 5:28 PM

COLOMBO (News 1st) - අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලු ජනතාවට කඩිනම් සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මූල්‍ය ප්‍රතිපාදන ගැටළුවක් කර නොගන්නා ලෙසත්, රජයෙන් ලබා දිය යුතු සියලු සහන පිළිබඳ සොයා බලමින්, සියලු පහසුකම් ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙස උපදෙස් ලබා දුන් බවයි. ජල ගැලීම් හේතුවෙන්, විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති අතර ජනතාවට අවශ්‍ය සුබසාධන සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිතුමා සියලු පාර්ශවයන් දැනුවත් කර ඇත.