සිරස - ශක්ති සහන යාත්‍රාව ඇරඹෙයි

අයහපත් කාලගුණයෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් සිරස - ශක්ති සහන යාත්‍රාව ඇරඹෙයි

by Hashini De Mel 21-05-2018 | 7:26 PM
COLOMBO (News 1st) - අයහපත් කාලගුණය ත් සමග ඇති වූ ස්වාභාවික ආපදාවලින් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා සිරස - ශක්ති සහන යාත්‍රාව යළි ත් ඇරඹේ. මේ සඳහා ලබාදිය හැකි ද්‍රව්‍ය වන්නේ, හාල්, පරිප්පු, සීනි, තේ, නූඩ්ල්ස්, ටින් මාළු, බිස්කට්, ජල බෝතල් සහා සනීපරක්ෂක ද්‍රව්‍ය යි. කොළඹ – 2 බේබෘක් පෙදෙසේ සිරස ප්‍රධාන කාර්යාලය, රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණය, අරලිය උයන දෙපානම මැදිරි සංකීර්ණයේ මෙම අධාර එක්රැස් කිරීමට නියමිත වේ. සහන යාත්‍රාව පිළිබඳ වැඩිදුර තොරතුර දැන ගැනීමට 011 48 96 896 අංකය ඇමතීමෙන් හැකි වේ.