සබරගමුවට මිලිමීටර් 150ක තද වැසි ඇතිවිය හැකියි

සබරගමුවට මිලිමීටර් 150ක තද වැසි ඇතිවිය හැකියි

by Chathuranga Rajapaksha 20-05-2018 | 8:34 AM

COLOMBO (News 1st) - සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ‍මේ වනවිට නිරත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බව ය. මේ හේතුවෙන් දිවයිනේ නිරත දිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, ඌව, මධ්‍යම පළාත් සභ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව ය. සවස 2න් පසු දිවයිනේ සෙසු ප්‍රදේශවලද ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. ඇතැම් මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි අතර ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතු වේ.