වෛරස් උණ වැළඳුණු රෝගීන් 600 ක් දකුණේ රෝහල්වල

වෛරස් උණ වැළඳුණු රෝගීන් 600 ක් දකුණේ රෝහල්වල

by Chathuranga Rajapaksha 20-05-2018 | 7:33 AM

COLOMBO (News 1st) - වෛරස් උණ රෝගය වැළඳුණු රෝගීන් 600 දෙනෙකු පමණ පළාත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී.විජේසූරිය මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඇල්පිටිය, බලපිටිය, කඹුරුපිටිය, තංගල්ල සහ වලස්මුල්ල යන මූලික රොහල් ආශ්‍රිතව රොගින් බහුලව වාර්තා වන බව ය. මේ අතර කරාපිටිය රොහලේ වෛරස් උණ වැළඳුණු රොගින් 37 දෙනෙකු ප්‍රතිකාර ලබන බව අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා සඳහන් කළේය. උණ රෝගයට ගොඳුරු වූ දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය, හයිෆ්ලො ඔක්සිජන් යන්ත්‍ර 10ක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රොහලේ ස්ථාපිත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව ය.