මහවැලි සංවර්ධන ලේකම්තුමනි, ඔබේ අවධානය පිණිසයි!

පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි..!

by Hashini De Mel 20-05-2018 | 10:12 PM

COLOMBO (News 1st) - සේරුවිල සහ මුතුර් යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශය දෙක ආශ්‍රිතව මහවැලි ගඟෙන් වැලි කැපීමට හා වැලි ප්‍රවාහනයටදී තිබූ බලපත්‍ර මේ වන විට අත්හිටුවා තිබේ.

ඒ, වැලි කැනීමට සුදුසු ප්‍රදේශ හා කැනිය හැකි ප්‍රමාණය නිෂ්චය කිරීම සඳහා වන සමීක්ෂණයට පුර්වගාමීවය. එබඳු සමීක්ෂණයකට අමතරව 2017 වසරේ සිට අදාළ ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ දෙක ආශ්‍රිතව මහවැලි ගඟේ බලපත්‍ර ආශ්‍රිතව සිදු කෙරුණු වැලි කැනීම් හා ප්‍රවාහනය හේතුවෙන් සිදු ව ඇති පාරිසරික හා සමාජ පරිහානියට අදාළව පශ්චාත් පරීක්ෂණයක් පැවැත්වුව හොත් විනාශයක තරම සහ ඊට වගකිව යුත්තන් අනාවරණය කරගත හැකි වනු ඇති. ගඟ පතුලෙන් නොව ගං ඉවුර හාරා වැලි කැනීමට වග බලාගත යුතු පිරිස් ට්‍රැක්ටර් හා කැනීම් යන්ත්‍ර ගඟට බැස්වීම සඳහා මෙබඳු මාර්ග තනා ඇත්තේ ගඟෙහි රක්ෂිත ප්‍රදේශ හරහායි. යාබද ගොවි ගම්මාන මහවැලි ගඟේ පිටාර ජලයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අල්ල ගොවිජන පදය පිහිටුවීමට සමගාමීව ඩී. එස්. සේනානායක යුගයේදී ඉදි කෙරුණු කිලෝමීටර 10 ක් පමණ දුරැති ගංවතුර පාලක බැම්මට මේ හානීය සිදුව තිබෙන්නේ වැලි ප්‍රවාහනය හේතුවෙනි. සාමයේ ප්‍රතිලාභ ලෙස නැගෙනහිර නවෝදය යටතේ ඉදි වූ ප්‍රදේශයේ මාර්ග ද වැලි ප්‍රවාහනය හේතුවෙන් නටඹුන්වී තිබේ. භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය බලපත්‍රකරුවන්ට වැලි අංගන ලෙස පරිහරණය කිරීමට වෙන් කරදී තිබෙන්නේත් වැලි නිධි සහිත ගඟ රක්ෂිතයයි. එබැවින් බලපත්‍ර ලාභීන් ගඟෙන් කනීන ලද වැලිවලය අමතරව මෙම අංගන භූමි ද සූරා මඩිය තර කර ගන්නා බව අවට ගොවි ජනයා චෝදනා කරති. ඉකුත් බ්‍රහස්පතින්දා සේරුවිල, දෙහිවත්ත ප්‍රදේශයේදී මෙම විරෝදය එල්ල වූයේ අංගන භූමියක් කැන ලබා ගත් වැලි ප්‍රවාහනයේ නිරතව සිටි පිරිසකට එරෙහිවයි. ප්‍රදේශවාසීන්ට අනුව වැලි ප්‍රවාහනය සඳහා නිකුත් කෙරුණු බලපත්‍ර යටතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශ වෙත ළඟා වන්නේ වැලි පමණක් ම නොවේ. ඊනියා සමීක්ෂණ සිදු කර වැලි කොල්ලයට නැවත පසුබිම සැකසීමට පෙර භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය මෙතෙක් සේරුවිල හා මුතුර් යන ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශ ආශිතව වැලි කැනීම් සඳහා බලපත්‍ර නිකුත් කර ඉපයු මුදල් යොදවා මෙම විනාශයන් යථාවත් කළ යුතු නොවේ ද? පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි!