දිස්ත්‍රික්ක 7 ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 7 ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම්

by Hashini De Mel 20-05-2018 | 3:17 PM

COLOMBO (News 1st) - පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ඉදිරි පැය 24 සඳහා දිස්ත්‍රික්ක 7 කට නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, කළුතර, කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට එම අනතුරු ඇඟවීම බලපාන බවයි. මීට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, අද පස්වරුවේ, සබරගමුව පළාතට මිලිමීටර් 150 ඉක්මවන වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර, මධ්‍යම, ඌව සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 පමණ තද වැසි ඇති විය හැකි වේ. මේ අතර තලංගම, පයිප්ප පාර ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් නිවාස තුනකට හානි සිදුව තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, අද දහවල් පස් කන්ද කඩා වැටී ඇති බවයි. ඒ හේතුවෙන්, නිවාස තුනක් සම්පුර්ණයෙන් හානියට පත් ව ඇත. පවුල් තුනක පුද්ගලයින් 12 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.