දිවයින පුරා ප්‍රාථමික ගුරු පුරප්පාඩු 8000ක්

දිවයින පුරා පාසල්වල ප්‍රාථමික ගුරු පුරප්පාඩු 8000ක්

by Chathuranga Rajapaksha 20-05-2018 | 7:42 AM

COLOMBO (News 1st) - දිවයින පුරා ප්‍රාථමික ගුරු පුරප්පාඩු 8,000ක් පමණ පවතින බව ගුරු සංගම් පෙන්වා දෙන්නේය.

සමස්ත ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා සදහන් කළේ, මේ හේතුවෙන් දිවයින පුරා පාසල්වල ප්‍රාථමික අධ්‍යාපනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ය. ජාතික පාසල් ඇතුළු සමස්ත පාසල් පද්ධතිය තුළ පවතින මෙම පුරප්පාඩුවට හේතුව, අවිධිමත් ලෙස ගුරුවරුන් බඳවා ගැනීම බව ඔහු පෙන්වා දෙන්නේය. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයෙන් නිව්ස්ෆස්ට් මේ පිළිබඳ කළ විමසීමකදී එහි ලේකම් තිස්ස හේවා විතාරණ මහතා සඳහන් කළේ, පුරප්පාඩු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණයට අවශ්‍ය පියවර ගන්නා බව ය. ප්‍රාථමික අධ්‍යාපනයේ ඇති වී ඇති දුර්වලතා මගහරවා ගැනීම අරමුණු කර ගනිමින් ප්‍රාථමික ගුරුවරුන්ට ගුරු පුහුණුවක් ද ලබා දීමට තීරණය කර ඇතැයි ද ලේකම්වරයා වැඩි දුරට ත් සඳහන් කළේය.