ගාල්ල දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි

ගාල්ල දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි

by Chathuranga Rajapaksha 20-05-2018 | 11:55 AM

COLOMBO (News 1st) - ඇඳ හැලුණු වර්ෂාවත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් දම්පත් රත්නායක මහතා සඳහන් කළේ, බලපිටිය, බ්‍රාහ්මනවත්ත, මොහොට්ටිවත්ත, අම්බලන්ගොඩ , පටබැදිමුල්ල අද උදෑසන ජලයෙන් යට වූ බව ය. මේ වනවිට එම තත්ත්වය පහව යමින් පවතින බව ද ඔහු සඳහන් කළේය. මේ අතර අද උදෑසන 6 30 න් අවසන් වු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය. එය මිලිමිටර් 100 කි. අද පෙරවරු 6 සිට හෙට පෙරවරු 6 දක්වා කාලය තුළ සබරගමුව පළාතට මිලිමීටර් 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබද පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ බස්නාහිර, ඌව, මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමිටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ය.