ගම්මැද්ද සිංහ සමාජ සම්මේලනයේදී ඇගයීමට ලක් වූ වගයි!

ගම්මැද්ද මහජන ක්‍රියාන්විතය ජාත්‍යන්තර සිංහ සමාජ සම්මේලනයේදී ඇගයීමට ලක් වූ වගයි...!

by Hashini De Mel 20-05-2018 | 8:33 PM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර සිංහ සමාජයේ දිස්ත්‍රික් 306 සී 2 ක කාණ්ඩයේ 13 වන සම්මේලනය ඊයේ පස්වරුවේ අරලිගහ මන්දිරයේදී පැවැත් විය.

මෙහිදී ජනතාව සමග ජනතාව වෙනුවෙන් ඉටුකරන සමාජ මෙහෙවර අගයමින්, ගම්මැද්ද ක්‍රියාන්විතය ජාත්‍යන්තර සිංහ සමාජයේ ඇගයීමට ලක්වීම විශේෂත්වයකි. 13 වැනි වාර්ෂික සම්මේලනය මෙවර පැවැත්වූයේ, ජාත්‍යන්තර සිංහ සමාජයේ විශේෂ ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් ය. මෙහිදී විද්‍යුත් මාධ්‍ය ආයතන හා විවිධ පුද්ගලයින් මෙරට සමාජ සේවා කටයුතුවලදී සිදු කළ මෙහෙවර ඇගයීමට ලක් කෙරුණි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හා මහරගම අපේක්ෂා රෝහලට පෙට්ස්කෑන් යන්ත්‍රයක් ලබාදීමට පුරෝගාමී වූ එම්. එස්. එච් මොහොමඩ් මහතා ද මෙහීදි සම්මානයෙන් පිදුම් ලැබීය. 306 සී 2ක කාණ්ඩයේ සිංහාධිපති, අසේල කරුණාවර්ධන මහතා ඇතුලු ජාත්‍යන්තර සිංහ සමාජ නියෝජිතයින් සම්මාන පිරිනැමීම සඳහා එක් ව සිටියහ. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ, පෙර - සිංහාධිපති මහේන්ද්‍ර අමරසූරිය මහතායි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන ගම්මැද්ද ව්‍යාපෘතිය මෙහිදී විශේෂ ඇගයීමකට ලක් කෙරිණි. එම අවස්ථාවට ගම්මැද්ද ව්‍යාපෘතීය නියෝජනය කිරීම නිව්ස්ෆස්ට් අධ්‍යක්ෂ සාමාන්‍ය අධිකාරි යසරත් කමල්සිරි මහතා හා ගම්මැද්ද මහලේකම් කාර්යාලයේ නියෝජිතයින් එක් ව සිටිය හ.