කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

by Hashini De Mel 20-05-2018 | 5:13 PM

COLOMBO (News 1st) - පවතින අධික වැසි හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ.

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් සිසිර සේනාධීර මහතා පැවසුවේ, ඉන් තත්පරයට ඝනමීටර් 100 ක පමණ ජල ධාරිතාවක් නිකුත් වන බවයි. ඒ හේතුවෙන්, පහත් බිම්වල ජීවත් වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ද ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.