කියුබානු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගනී

කඩා වැටුණු කියුබානු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගනී

by Chathuranga Rajapaksha 20-05-2018 | 7:48 AM

(News 1st) - පුද්ගලයින් 110 දෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු කියුබානු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඊට කිසිඳු හානියක් සිදුව නොමැති බව ය. ගුවන් යානයේ අනෙක් කළු පෙට්ටිය කඩිනමින් සොයා ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව, කියුබානු රජය සඳහන් කළේය. හවානා නුවර පිහිටි ජොස් මාර්ටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් යානය ගුවන් ගත වී මද වේලාවකට පසුව එය කඩා වැටීමෙන් මිය ගිය පිරිස අතරට විදේශිකයින් 11 දෙනෙකු ඇතුළත් ය. එලෙස අනතුරට ලක්ව ඇත්තේ අභ්‍යන්තර ගුවන් ගමනක නිරත බෝයින් 737 වර්ගයේ යානයකි.