අධිවේගයේ ගමන් බිමන් ප්‍රවේසමෙන්...!

අධිවේගයේ අනතුරු 7ක් : ගමන් බිමන් ප්‍රවේසමෙන්...!

by Sagarika Chathumali 20-05-2018 | 5:33 PM

COLOMBO (News 1st)  : පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග අද දිනය තුළ පමණක් අධිවේගී මාර්ගවල රිය අනතුරු 7ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් රිය අනතුරු 5ක් සහ කටුනායක අධිවේගී මාර්ගයෙන් රිය අනතුරු 2ක් වාර්තා වන බවයි. පවතින වැසි තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගවල රථ වාහනය පැයට කිලෝමීටර් 60 ක වේග සීමාවකින් ධාවනය කරන්නැයි, මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට උපදෙස් ලබා දෙයි. එහි අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා ප්‍රකාශ කළේ, වැසි සහිත අවස්ථාවල සියලු වාහන ප්‍රධාන ලාම්පු දල්වා ධාවනය කළ යුතු බවයි. වාහන අතර පරතරය පවත්වා ගැනීමට කටයුතු කරන ලෙස ද ඔහු රියැදුරන්ට දැනුම් දෙයි.