ප්‍රදේශ ගණනාවක විදුලි බලය ඇණහිටී

අධික වර්ෂාව හේතුවෙන් කෑගල්ල, රඹුක්කන, තුල්හිරිය ඇතුළු ප්‍රදේශ ගණනාවක විදුලි බලය ඇණහිටී

by Chathuranga Rajapaksha 20-05-2018 | 11:45 AM

COLOMBO (News 1st) - කෑගල්ල, රඹුක්කන, තුල්හිරිය ඇතුළු ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳ වැටීම් වාර්තා වන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, අධික වර්ෂාවත් සමග පොල්පිටියේ සිට අතුරුගිරිය දක්වා දිවෙන රැහැන් පද්ධතියේ සිදුවූ බිඳ වැටීමක් මීට හේතු වී ඇති බව ය. එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.