රජ පවුල ජනතාවට තුති පුදයි

රජ පවුල ජනතාවට තුති පුදයි

රජ පවුල ජනතාවට තුති පුදයි

කර්තෘ Sagarika Chathumali

20 May, 2018 | 5:55 pm

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මෙගන් මර්කල්ගේ විවාහය නැරඹීමට පැමිණි මහජනතාවට ස්තූති කරමින් රජ පවුල නිවේදනයක් නිකුත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විවාහ මංගලෝත්සවය නැරඹීමට , ලන්ඩන් නුවර වීදි වෙත පුද්ගලයන් දහස් ගණනක් රැස්ව සිටි අතර  ලොව පුරා තවත් බොහෝ පිරිසක් රූපවාහිනිය ඔස්සේ එය නැරඹූ බවයි.

වින්ඩ්සර් මාළිගය අසල පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ ගිනිකෙළි සංදර්ශනයකින් අනතුරුව හැරී – මේගන් විවාහ මංගලෝත්සවය අවසන් විය.

කෙසේවෙතත් සිය මධුසමය ගතකිරීම සඳහා පිටවයාමට පෙර ටික දිනක් බ්‍රිතාන්‍යයේ ගත කිරීමට හැරී – මේගන් යුවල පියවර ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

හැරී කුමරු මංගල තෑග්ග ලෙස සිය මව වන ඩයනා කුමරිය පැළඳි මුදුවක් මේගන් මර්කල්ට තෑගි කර තිබේ.