ලෝකේෂ් රාහුල් IPL පිතිකරුවන් අතර පෙරමුණට

ලෝකේෂ් රාහුල් IPL පිතිකරුවන් අතර පෙරමුණට

by Chathuranga Rajapaksha 19-05-2018 | 8:02 AM

(News 1st) - ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරග අතුරින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරගත් ක්‍රීඩකයා බවට කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායමේ ලෝකේෂ් රාහුල් පත්ව තිබේ.

ඔහු තරගාවලියේ තරග 13 කට මුහුණදී ඇති අතර ඉන් රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 652කි. පිළිවෙලින් එම සටහනේ දෙවන ස්ථානය ලකුණු 625ක් රැස් කරගත් සන්රයිසස් හයිද්‍රාබාත් කණ්ඩායමේ කේන් විලියම්සන්ට හිමි වී ඇති අතර තුන් වැනි ස්ථානය ලකුණු 620ක් රැස් කරගත් දිල්ලි ඩෙයා ඩෙවිල්ස් ක්‍රීඩක රිෂාබ් පන්ට්ට හිමිව තිබේ.