රු. මිලියන 26ක රත්‍රං සමග විදේශිකයෙකු රේගු දැලේ

රු. මිලියන 26ක රත්‍රං සමග ඉන්දීය ජාතිකයෙකු රේගු දැලේ

by Chathuranga Rajapaksha 19-05-2018 | 1:47 PM

COLOMBO (News 1st) - රුපියල් මිලියන 26 ක් පමණ වටිනා රත්‍රං තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල් මීණුවනපිටිය මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ ඉන්දියවේ චෙන්නායි සිට පැමිණි ඉන්දීය ජාතිකයෙක්  එලෙස අත්අඩංගුවට ගත් බව ය. ඔහු සන්තකයේ තිබී රත්‍රං බිස්කට් 40 ක් සොයාගෙන ඇති අතර එහි බර කිලෝ ග්‍රෑම් 4කි. රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල් මීණුවන්පිටිය මහතා පැවසුවේ සැකකරු සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව ය. මේ අතර රුපියල් ලක්ෂ 11 ක් වටිනා දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගුව භාරයට ගත් බව ද ඔහු සඳහන් කළේය.