රණවිරු සැමරුම් උත්සවය නිසා විශේෂ රථවාහන සැලැස්මක්

රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

by Chathuranga Rajapaksha 19-05-2018 | 7:12 AM

COLOMBO (News 1st) - රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 2 සිට රාත්‍රි 7 දක්වා පාර්ලිමේන්තු ක්‍රිඩාංගණය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ඒ, අනුව අද පස්වරු 2 සිට පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගයේ කියැන්නෑම් මංසන්ධිය දක්වා වාහන ධාවනය සීමා කෙරෙනු ඇති. පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදාළ කාලය තුළ එම මාර්ගය භාවිත කරන්නන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ය.