රග්බි ක්‍රීඩකයින්ට මත්ද්‍රව්‍ය දුන්නේ කවුද?

මෙරටදී මියගිය බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයින්ට මත්ද්‍රව්‍ය ලබා දුන්නේ කවුරුන්ද?

by Chathuranga Rajapaksha 19-05-2018 | 8:20 AM

COLOMBO (News 1st) - සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණ සිටියදී මියගිය රග්බි ක්‍රීඩකයින් දෙදෙනාගේ සිරුරු ඥාතීන්ට භාරදීමට අධිකරණය නියෝග කළේය.

මෙම ක්‍රීඩකයින් රාත්‍රි සමාජ ශාලාවකට ගොස් නැවත සිය හෝටල් පරිශ්‍රය තෙක් පැමිණෙන තෙක් කාල පරාසය තුළ සිදුවූ ක්‍රියාවලිය පිළිබඳව තවමත් අනාවරණය වී නොමැත. සුහද රග්බි තරගාවලියක් සඳහා එංගලන්තයෙන් මෙරටට පැමිණි මෙම කණ්ඩායම පසුගිය 12 වැනිදා තරගයකට සහභාගී වීමෙන් අනතුරුව පසුගිය සෙනසුරාදා රාත්‍රියේ කොල්ලුපිටියේ පිහිටි සමාජ ශාලාවකට පැමිණ තිබුණි. එම සමාජ ශාලාවේ සී.සී.ටී.වී. දර්ශනවල දැක්වුණේ ඉරිදා අලුයම 12.03 ට ඔවුන් ඊට ඇතුළත් වූ බව ය. ඒ, ත්‍රිරෝද රථ රියැදුරෙකු සමගිනි. අලුයම 1.23 ට ඔවුන් ඉන් බැහැරව ගොස් තිබේ. එහෙත් ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයට පැමිණ ඇත්තේ අලුයම 4 ට පමණ බව පොලීසිය නිකුත් කළ වාර්තාවේ සඳහන් ය. උදෑසන 10 ට පමණ ස්වසන ආබාධයක් හේතුවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් රෝහල්ගත කළ බවත් 26 හැවිරිදි හාවඩ් තෝමස් ඇන්ඩෘ නම් ක්‍රීඩකයා ඉරිදා දහවල් 12 ට මිය ගිය බවත් පොලිස් වාර්තා සඳහන් කළේය. ඔහුගේ මරණයට හේතුව ලෙස අධිකරණ වෛද්‍ය වාර්තාව මගින් සැක කෙරුණේ මත්ද්‍රව්‍ය අධික ප්‍රමාණයක් ගැනීමයි. මේ අතර රෝහල් ගතකර සිටි 27 හැවිරිදි බෙට් තෝමස් රීඩ් නැමති ක්‍රීඩකයා ද මිය ගියේය. මත් ද්‍රව්‍ය අධික මාත්‍රාවක් ලබා ගැනීම හේතුවෙන් එම මරණය ද සිදු වූවා යැයි සැක කරන බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ. මේ අනුව මෙම ක්‍රීඩකයින් රාත්‍රී සමාජ ශාලාවෙන් පිටව හෝටල් පරිශ්‍රයට තෙක් පැමිණෙන තෙක් ක්‍රියාවලිය තවමත් අභිරහසකි. ඔවුන් රැගෙන ගිය ත්‍රීරෝද රථ රියැදුරා කවුද? ඔවුන්ට මෙම මත්ද්‍රව්‍ය ලබා දුන්නේ කවුරුන්ද? අවධානයට...