මලයාසියාවට 14 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක්

මලයාසියාවට 14 දෙනෙකුගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලයක්

by Chathuranga Rajapaksha 19-05-2018 | 12:46 PM
(News 1st) - මලයාසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහමඩ් ඊයේ නව කැබිනට් මණ්ඩලයක් පත් කර තිබේ. අමාත්‍ය මණ්ඩපල සංයුතියට මහතීර් මොහමඩ් විසින් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්, නීතිඥයින් සහ කථිකාචාර්යවරයකුත් ඇතුළත් කර තිබේ. නව කැබිනට් මණ්ඩලය සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඔවුන් ලබන සඳුදා දිවුරුම් දීමට නියමිත ය. වර්ෂ 2003 වන තුරු වසර 22 ක් තිස්සේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ මහතීර් මොහමඩ් පසුගිය 9 වනදා පැවති මහ මැතිවරණයේදී විශිෂ්ට ජයක් ලබමින් යළිත් මලයාසියාවේ අගමැති ධුරයට පත් වූයේ වර්තමානයේ ලොව පැරණිතම ජන නායකයා ලෙස ඉතිහාසගත වෙමිනි.