බිරිඳ විසින් සැමියා ඝාතනය කෙරේ

බිරිඳට ඇසිඩ් ගහන්න ගිය සැමියා බිරිඳ අතින්ම මැරුම් කයි

by Chathuranga Rajapaksha 19-05-2018 | 1:57 PM
COLOMBO (News 1st) - අරනායක, දෙබත්ගම ප්‍රදේශයේදී බිරිඳක විසින් තියුණු ආයුධයකින් පහර දී තම සැමියාව ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදුව ඇති බව ය. සැමියා විසින් බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරිමට යාමේදී එය ඔහුගේම සිරුරට පතිත වී තිබේ. පොලීසිය පැවසුවේ අනතුරුව බිරිඳ විසින් සැමියාට තියුණු ආයුධයකින් පහර දී ඇති බව ය. ඉන් බරපතල තුවාල ලැබූ සැමියා රෝහල් ගතකිරිමෙන් පසු මියගොස් තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 37 හැවිරිදි පුද්ගලයෙකි.