නව ක්‍රිකට් නිලවරණ කමිටුවක් පත් කෙරේ

නව ක්‍රිකට් නිලවරණ කමිටුවක් පත් කෙරේ

by Chathuranga Rajapaksha 19-05-2018 | 2:05 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නව ක්‍රිකට් නිලවරණ කමිටුවක් පත්කර තිබේ. ඒ, අනුව අද පත් කළ නව ක්‍රිකට් නිලවරණ කමිටුව සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ අනුව රසික වයි වීරතුංග, කොමදෝරු සනත් උත්පල, බුද්ධික ඉලංගතිලක, එච්.ඩී.ජූඩ් පෙරේරා හා දේවගිරි බණ්ඩාර යන මහත්වරුන් ඊට ඇතුලත් ය. ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහ සභා රැස්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරීශ්‍රයේදී පැවැත්වේ.