දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් මිලිමීටර් 100 ඉක්මවූ වැසි

by Chathuranga Rajapaksha 19-05-2018 | 7:47 AM
COLOMBO (News 1st) - අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ, ඉදිරි කාලගුණ තත්ත්වය පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලික් ප්‍රනාන්දු මහතා. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-19-WETHER-LAND-online-audio-converter.com_.mp3 දිවයින අවට මුහුදේ කාලගුණ තත්ත්වය. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-19-WETHER-SEE-online-audio-converter.com_.mp3 අධික වර්ෂාවත් සමග හටගත් නායයාමේ අවදානම හේතුවෙන් මේ වනවිට බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 495 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.ඒ.එම්. උදයකුමාර මහතා පැවසුවේ ඉන් පවුල් 51 ක් ආරක්ෂිත ස්ථාන වෙත රඳවා ඇති බව ය. මේ අතර වැසි තත්ත්වයත් සමග නායයාම් අනතුරු ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පැවසුවේ නිරිත දිග මෝසම සමග මෙම තත්ත්වය උද්ගත වන බව ය. වර්ෂාවේ වැඩි වීමත් සමග ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, කෑගල්ල හා හම්බත්තොට දිස්ත්‍රික්කවල ඉවුරු හා කණ්ඩි ආශ්‍රිතව ජීවත්වන ජනතාව අවධානයෙන් සිටින ලෙස ඔහු පවසයි. නායයාම් අවදානම් නිවේදන පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස ද ඔහු ජනතාවට දැනුම් දෙන්නේය.