by Staff writer 19-05-2018 | 3:46 PM
COLOMBO (News 1st) - ජාතික රණවිරු අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය.
ඒ, බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ය.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදී තම ජීවිත පූජා කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දිවි පිදූ රණවිරුවන් ගෞරවයෙන් සිහිපත් කරමින් ජාතික රණවිරු අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උළෙල පැවැත්වේ.