ජෙනරාල් බීපින් රාවට් සහ ගුවන් හමුදාපති අතර හමුවක්

ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදාපති අතර හමුවක්

by Chathuranga Rajapaksha 19-05-2018 | 12:05 PM
COLOMBO (News 1st) - මෙරට සංචාරයේ නිරත ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් බීපින් රාවට් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවෙයි. එම හමුව සිදුවුණේ ගුවන් හමුදා මූලස්ථානයේදී ය. ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානියා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති අතර සුහද සාකච්ඡාවක් පැවති අතර, අනතුරුව ගුවන් හමුදාපති විසින් සමරු තිළිණයක් ද ප්‍රධානය කළේය.