ආණ්ඩුවෙන් ඉවත් වූ 16 හිටපු ජනපති හමුවීමට සැරසෙයි

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා සඳුදා හිටපු ජනපති හමුවීමට සැරසෙයි

by Staff writer 19-05-2018 | 8:26 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තාවකාලිකව නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට පසුගියදා රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීන්දුව පිළිබඳව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කරුණු පැහැදිලි කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ, නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ සිටින වැඩි දෙනෙකු මේ වන විට නිදහස් පක්ෂයේ නොවන අය බැවින් තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කර ගන්නා බව ය. පක්ෂ ප්‍රතිසංවිධානයකින් පසු නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය. මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ලබන සඳුදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට සැරසෙයි. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ බව අනාවරණය කළේ ය.